SARP ව්‍යාපෘතිය සහ කීල්ස් ආයතනය එක්ව ක්‍රියාත්මක කරන අර්ධ ආරක්ෂිත වගා වැඩසටහන යටතේ පළමු වරට කෘෂිකර්මාන්තයට පිවිසි ගොවියකු කිලෝග්‍රෑම් 1,590 ක සාර්ථක අස්වැන්නක්.
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයින් නවීන කෘෂිකාර්මික තාක්ෂණය වෙත යොමු කරමින් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් වර්ධනය කිරීම සහ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) හරහා රාජ්‍ය, පෞද්ගලික හා නිෂ්පාදක හවුල්කාරිත්ව ප්‍රවේශය යටතේ කීල්ස් ආයතනය සමඟ එක්ව අර්ධ ආරක්ෂිත කෘෂිකාර්මික ක්‍රමවේද යටතේ වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ වටිනාකමකින් යුත් එළවළු නිෂ්පාදන ව්‍යාපෘතිය දඹුල්ල සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල් කරගමිනින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන හරහා පළමු වරට මිරිස් වගාවට පිවිසි මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිගම්පතහ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඒ. ජී. එම්. ආර්. කේ. හේරත් මහතා, අර්ධ ආරක්ෂිත වගා ක්‍රමවේදය යටතේ නවක ගොවියකු ලෙස සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්ව තිබේ.
SARP ව්‍යාපෘතිය මගින් මෙම වැඩසටහන යටතේ එක් ගොවියකු සඳහා රුපියල් 900,000ක ආයෝජනයක් සිදු කරමින් අක්කර ¼ක වගා භූමියකට අවශ්‍ය MICH1 මිරිස් බීජ, ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති, සූර්යබල ජල පොම්ප, වසුන්, කෘමි ප්‍රතිරෝධී දැල්, උෂ්ණත්ව ප්‍රතිරෝධී සුදු සෙවණ දැල් ආදී තාක්ෂණික පහසුකම් සපයනු ලබයි. මීට අමතරව, යහපත් කෘෂිකාර්මික පිළිවෙත්, කාර්යක්ෂම ජල කළමනාකරණය සහ ජල සංරක්ෂණ ක්‍රම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම තුළින් ගුණාත්මක නිෂ්පාදනයක් ලබාගැනීමට සහ පසු අස්වනු හානි අවම කිරීමට ද ව්‍යාපෘතිය මඟින් සහාය ලබාදේ. ඊට සමාගමීව රාජ්‍ය, පෞද්ගලික හා නිෂ්පාදක හවුල්කාරිත්ව ප්‍රවේශය යටතේ කීල්ස් ආයතනය මගින්ද මෙම ගොවීන්ට නිසි තාක්ෂණික දැනුම සහ පහසුකම් ලබාදෙනු ලැබේ.
ඒ අනුව හේරත් මහතා MICH1 මිරිස් ප්‍රභේදය වගා කරමින් සහ නිසි තාක්ශණික ක්‍රමවේද යටතේ එය පාලනය කරමින් අස්වනු නෙළීම් හතරකදී පිළිවෙළින් කිලෝග්‍රෑම් මිරිස් අස්වැන්න කිලෝග්‍රෑම් 1,590ක් ලබාගෙන තිබේ. මෙම මිරිස් සඳහා කිලෝග්රෑමයකට රුපියල් 350 සිට 600 දක්වා මිල පරාසයක් වාර්තා වී ඇත.
මෙම වගාව තුළින් ලබාගත් දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් හේතුවෙන් හේරත් මහතාගේ කෘෂිකර්මාන්තය පිළිබඳ උනන්දුව වර්ධනය වී ඇති අතර, ඉදිරියේදී තම මිරිස් වගාව තවදුරටත් පුළුල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. ඔහු මේ වනවිට කෘෂිකර්මාතය තම පවුලේ ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් එය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙමගින් පන්නරයක් ලබාගෙන ඇත.
නවීන කෘෂිකාර්මික තාක්ෂණය, වැඩිදියුණු කළ භෝග ප්‍රභේද සහ වෙළෙඳපොළ කේන්ද්‍රීය හවුල්කාරිත්වයන් ඔස්සේ නවක ගොවීන්ට සාර්ථක කෘෂි ව්‍යවසායකයන් බවට පත්වීමට ඇති හැකියාව තුළ එලිමහන් වගාවන්ට සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලැබීමත්, රෝග සහ පළිබෝධකයන් අවම වීමත් ආරක්ෂිත ගෘහ තුළ සිදුවන බව ඔවුන්ගේ අත්දැකීමෙන් පෙන්නුම් කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කැමති ගොවී මහත්ම මහත්මින් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 277 0986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

