කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයන් 2024 මාර්තු 26 වන දින කුරුණෑගල සහ පුත්තලම නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වූහ. ප්‍රථමයෙන් වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක නිරතවූහ. අනතුරුව ගල්ලෑව සහ කුඹුක්වැව යන වැව් වල ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කළ අතර එම ස්ථානවලදී වැව් පුවරුත්ථාපන කටයුතු සිදුකරන කොන්ත්‍රාත්කරුවන් සහ ප්‍රජා සංවර්ධන සංසද සාමාජිකයන් සමග සාකච්ඡාවල නිරත වූහ.